ඉන්ධන අර්බුදය හමුවේ පාසල් කටයුතු සීමා කිරීමට මෙතෙක් තීරණයක් නැහැ!

පවතින ඉන්ධන පරිභෝජන ගැටලු සැලකිල්ලට ගනිමින් පාසල් කටයුතු සීමා කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අද (22) දින ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් පාසල් වාරය අප්‍රේල් 10 වනදා දක්වා පැවැත්වෙන අතර ඒ දක්වා පාසල් වසා තැබෙන්නේ බදාදා දිනවල පමණක් බවයි. පසුගිය කාලසීමාව තුළ අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ඇති වූ අවිනිශ්චිතතාව ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට ද දැඩි පීඩාවක් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අධ්‍යාපන ක්‍රියාවලියේ අඛණ්ඩතාව සහතික කිරීම සඳහා සතියකට දින හතරක් පාසල් පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,061

Leave A Reply

Your email address will not be published. Required fields are marked *