ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බහාලුම් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට!

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට අපනයන සහ ආනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරයි. මෑතකදී සිදු වූ ඉන්ධන මිල සංශෝධනය මීට ප්‍රධානතම හේතුව වී ඇත. මෙම මිල ඉහළ දැමීමත් සමඟ මෙතෙක් පැවති ප්‍රවාහන පිරිවැය සැලකිය යුතු ලෙස වෙනස් වන අතර, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගත් බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,061

Leave A Reply

Your email address will not be published. Required fields are marked *