ඉන්ධන QR පද්ධතියට ලියාපදිංචි වූවන් මිලියන 6 පනී: වංචාකරුවන්ට එරෙහිව දැඩි පියවර!

ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සඳහා හඳුන්වා දුන් QR කේත ක්‍රමය යටතේ මේ වන විට පුද්ගලයින් මිලියන 6කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මින් මිලියන 2ක් පමණ අලුතින් ලියාපදිංචි වූවන් බවයි. එමෙන්ම ලියාපදිංචි වීමේදී මතු වූ ගැටලු මේ වන විට සම්පූර්ණයෙන් විසඳා ඇති බැවින්, පවතින තත්ත්වය හමුවේ හැකිතාක් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.​මේ අතර, අනීතික ලෙස QR කේත ලබාගත් දුරකථන අංක 153ක් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. මීට අමතරව දිවයින පුරා සිදුවන නීතිවිරෝධී ඉන්ධන රැස්කිරීම් සම්බන්ධයෙන් ද වාර්තා වී ඇති අතර, එවැනි වංචනික ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,061

Leave A Reply

Your email address will not be published. Required fields are marked *