ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන නෞකාවල සිටියදී බේරාගත් පිරිසට මානුෂීය පදනම මත මාසයක කාලයක් සඳහා මෙරට රැඳී සිටීමට නොමිලේ වීසා පහසුකම් ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවී ජාත්‍යන්තර නීතියට අනුකූලව මෙම තීරණය ගත් බවයි.මුහුදුබත් වූ ‘IRIS Dena’ නෞකාවෙන් බේරාගත් 32 දෙදෙනෙකු සහ ‘IRIS Bushehr’ නෞකාවෙන් ඉවත් කරගත් 186 දෙනෙකු මෙම පිරිසට ඇතුළත් වේ. ඉන් 32 දෙදෙනෙකු පසුගිය බදාදා (04) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර, මේ වන විට ඉන් 22 දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත. තවත් 10 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.මෙම පිරිස මෙරටින් පිටත් කර හැරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීති රීති දැඩි ලෙස අනුගමනය කරන බවයි. අවශ්‍ය වුවහොත් අනාගතයේදී ද මෙවැනි මානුෂීය තීරණ ගැනීමට පසුබට නොවන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

























