ඊශ්‍රායලයට පහර නොදෙන ලෙසට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.

දින 12කට පෙර සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ බවට සැක කෙරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගිය අතර, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටයි ඉරානය ප්‍රතිඥා දී තිබුණේ.

ඒ අනුව ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක් ඉතා ඉක්මණින් සිදුවිය හැකි බවට ඇමරිකානු බුද්ධි අංශ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් තම ආරක්ෂාව සළසාගැනීමට සූදානම් බවටයි ඊශ්‍රායලය කියා සිටියේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉරානයට අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බවටයි.

ඊශ්‍රායලයේ ආරක්ෂකයා ඇමරිකාව බවටත් ඊට සහය දෙනවා මෙන්ම ඉරානයේ උත්සහය අසාර්ථක වනු ඇති බවටත් ජෝ බයිඩ්න් සඳහන් කළා.

මේ අතර ඉරාන ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලය ඊයේ සිය වැසියන්ට අනතුරු අඟවමින් ආරක්ෂිත උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබුවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *