ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙයි

දිවයින පුරා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැක. උදෑසන කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *