උඩරට දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි

උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පෙන්රෝස් ප්‍රදේශයේදී අද (23) අලුයම දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

මේ හේතුනේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බවත්, මර්ගයට ඇද වැටී ඇති ගස කපා කඩිනමින් ඉවත් කිරීමේ කටයුතු සිදු ක්‍රෙමින් පවතින බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව ප්‍රමාදවිය හැකි බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *