කෙසෙල් වත්තේ දෙනුවන්ගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා (21) කෙසලේවත්ත පොලිස් වසමේ සුචරිත මහල් නිවාසය අසල දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී, ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 900ක් සහ ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් ලක්ෂ 03ක මුදලක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට පත් තරුණයා වයස අවුරුදු 19ක කොළඹ 12, සෙරැස්තියන් මාවත පදිංචි අයෙක්.

ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී අණාවරණය වී ඇත්තේ, මෙම සැකකරු ඩුබායි රාජ්‍ය තුල රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල් වත්තේ දෙනුවන් චතුරංග යන අයගේ සමීපතමයෙකු බවයි.

ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කෙසලේවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *