උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් අමෙරිකානු ඩොලර් 500ක මුදලක් සොරකම් කරන ලද පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උණවටුන පොලිස් සංචාරක කාර්යාංශය සමත්ව තිබේ. සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී ඉතා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක වූ නිලධාරීන්, පැය 12ක් ගතවීමටත් පෙර සැකකරු ඉඳුරුව ප්‍රදේශයේදී කොටු කරගැනීම විශේෂත්වයකි. මෙම සාර්ථක වැටලීම සඳහා ස්ථානාධිපති අමිල ප්‍රියංකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.අත්අඩංගුවට ගත් සැකකරු හෙට (25) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සොරකම් කරන ලද විදේශ මුදල් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. සංචාරක කලාපවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පොලීසිය සිදුකළ මෙම කඩිනම් මෙහෙයුම ප්‍රදේශවාසීන්ගේ සහ සංචාරකයින්ගේ ඇගයීමට ලක්ව ඇත.


























