උණුසුම ගැන විමසිල්ලෙන්…! වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් ගැන අවදානයෙන් පසුවන්න…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේ අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුර මැද, වයඹ, නැගෙනහිර, ඌව යන පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වැඩි වේලාවක් උණුසුමට නිරාවරණය වීම තුළින් විජලනය, මස්පිඬු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්ව ඇතිවිය හැකි බවයි.

වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු ය.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙස සහ සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 710

Leave A Reply

Your email address will not be published. Required fields are marked *