උත්සව සමයේ මගී තදබදයට විසඳුම්: විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්වෙයි

නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ එළඹෙන දීර්ඝ නිවාඩු කාලසීමාව වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව තකා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව, මගී තදබදය අවම කිරීම අරමුණු කරගනිමින් දකුණු වෙරළබඩ මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ මෙම අතිරේක දුම්රිය ගමන් වාර එක් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.​විශේෂයෙන්ම අද (24) පස්වරු 03.00 ට මරදාන දුම්රිය ස්ථානයෙන් මාතර බලා විශේෂ ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය වීමට නියමිතය. මෙම දුම්රිය යළි දෙසැම්බර් 29 වනදා පෙරවරු 05.00 ට මාතරින් පිටත්ව පෙරවරු 08.30 වන විට කොළඹ කොටුව වෙත ළඟා වීමට කාලසටහන් සකස් කර ඇත. මීට අමතරව, උතුරු දෙසට ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ නගරාන්තර දුම්රිය සේවාවක් දෙසැම්බර් 25 සහ 28 යන දිනවල ක්‍රියාත්මක වේ.​සුවපහසු ගමනාන්තයක් වෙනුවෙන් මෙම කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රිය පළමු පන්තියේ වායුසමනය කළ මැදිරි 09 කින් සමන්විත වීම විශේෂත්වයකි. උත්සව සමයේ පවතින දැඩි මගී තදබදය හමුවේ අපහසුවකින් තොරව ගමනාගමන කටයුතු සිදු කර ගැනීමට මෙමගින් මගීන්ට අවස්ථාව සැලසේ.

What's your reaction?

Related Posts

1 of 909

Leave A Reply

Your email address will not be published. Required fields are marked *