උතුර, නැගෙනහිරට මි.මී. 100 ඉක්මවූ තද වැසි: කාලගුණ අනාවැකිය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමට ඉඩ ඇත. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමට ද ඉඩ ඇත. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 893

Leave A Reply

Your email address will not be published. Required fields are marked *