….එහෙත් 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනිදා කිසිවෙකු නොසිතු නොපැතූ ලෙස අතිශයින් භයංකර අත්දැකීමට මුහුණ පෑමට සිදුවූයේ මෙරට සිදුවූ බිහිසුණුම ඛේදවාචකයේ තරම කියාපාමින්. ඒ, ශ්‍රී ලංකාවේ වටිනා මිනිස් ජීවිත 35,000 කට අධික සංඛ්‍යාවක් අහිමි කරමින්. 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණා. දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශ ගණනය කිරීමේ දී රුපියල් බිලියන ගණනක්. එම ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සිදු වූ සමාජීය බලපෑම ගණන කළ නොහැකියි. සොඳුරු මුහුදු රළ රුදුරු වූ ඒ සුනාමිය සිදු වූයේ 2004 දෙසැම්බර් 26, අද වැනි දිනකයි.ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අසල මුහුදේ 2004 දෙසැම්බර් 26 වනදා ඉරිදා අලුයම 6යි 58ට හටගත් භූමිකම්පාව හේතුවෙන් මහ සයුර ගොඩගැලුවා. ඒ සමග ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව ද දරුණු බලපෑමකට ලක්වුණා. ජීවිත තත්පර කිහිපයකදී ලෝකයට අහිමි වූ ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ 25,000කට අධිකයි.එදින අඩි තිහක් පමණ උසට සුනාමි රළ නැඟුණු බව සඳහන්. ඒ, පෑරලියේදී දුම්රියක්ද විනාශ කරමින්. පෑරලියේ දුම්රිය අනතුරෙන් 1,250කට අධික පිරිසක් මිය ගිය අතර තනි දුම්රියක සිදු වූ ලෝකයේ දරුණුම අනතුර මෙය ලෙසයි සැලකෙන්නේ. උඳුවප් පොහෝ දිනක සිදුවූ ඒ, සුනාමි ව්‍යසනයට අදට වසර 20ක්