උප්පැන්න සහතිකය නැතත් දරුවන්ගේ පාසල් ගමන නතර කළ නොහැකියි – ඇමතිනී සරෝජා පෝල්රාජ්

උප්පැන්න සහතිකයක් නොමැති වීම කිසිදු දරුවෙකුට පාසල් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අහිමි කරන්නක් නොවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අවධාරණය කරයි. මාතර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීමේදී ඇය මේ බව ප්‍රකාශ කළේ, එම දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන දරුවන් පිරිසකට උප්පැන්න සහතික නොමැති වීම හේතුවෙන් පාසල්වලට ඇතුළත් වීමට බාධා මතුව ඇති බවට එල්ල වූ කරුණු සැලකිල්ලට ගනිමිනි. ලේඛනගත ගැටලු පසෙක තබා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම බලධාරීන්ගේ වගකීමක් බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.​අධ්‍යාපන අයිතියට අමතරව, දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය, ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන්ට බාධාවකින් තොරව ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතාවක් බව සඳහන් කළ අමාත්‍යවරිය, පවතින නීතිමය හා පරිපාලනමය ගැටලු දරුවන්ගේ අනාගතයට බාධාවක් වීමට ඉඩ නොතැබිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියාය.

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *