උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය නිශාන් කනගරාජාට බ්‍රිතාන්‍යයෙන් ‘නයිට්’ නාමයක්

​ශ්‍රී ලංකාවේ උපත ලැබූ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ (University of Leicester) සභාපති සහ උපකුලපති මහාචාර්ය නිශාන් කනගරාජා මහතා, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර සහ සමාජ ඇතුළත් කිරීම් (Inclusion) ප්‍රවර්ධනය කිරීම අගයමින් 2026 රජුගේ අලුත් අවුරුදු ගෞරව සම්මාන උළෙලේදී ‘නයිට්’ (Knight) නාමයෙන් පිදුම් ලබා ඇත. ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යාපනය ලබා අනතුරුව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගත් ඒ මහතා, බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහායකයෙකු ලෙස සිය වෘත්තීය ගමන ආරම්භ කර එහි පීඨාධිපති සහ නියෝජ්‍ය උපකුලපති වැනි ඉහළ තනතුරු රැසක් හොබවා ඇත.​සංඥා සැකසුම් (Signal processing) සහ වයනය වර්ගීකරණය (Texture classification) පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂකයෙකු වන මහාචාර්ය කනගරාජා, සෝනි, බී.බී.සී (BBC) සහ මෙට්‍රොපොලිටන් පොලිසිය වැනි ප්‍රමුඛ ආයතනවල තාක්ෂණික උපදේශකයෙකු ලෙසද කටයුතු කර තිබේ. ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ ප්‍රථම සුළුතර වාර්ගික උපකුලපතිවරයා ලෙස පත්වෙමින්, සමාජයේ කොන්වූ සහ නියෝජනයක් නොමැති පිරිස් වෙනුවෙන් හඬක් නැගීමටත්, බාධක ජයගෙන අන් අයට අවස්ථාවන් නිර්මාණය කර දීමටත් ඔහු දැක්වූ කැපවීම මෙම ගෞරව නාමය මගින් ඇගයීමට ලක්ව ඇත.

What's your reaction?

Related Posts

1 of 524

Leave A Reply

Your email address will not be published. Required fields are marked *