උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 2 වැනිදා සිට අයැදුම් කරන්න අවස්ථාව – විභාග දෙපාර්තමේන්තුව

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 2 වැනිදා සිට අයැදුම් කළ හැකි ය.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මැයි 16 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි.

www.onlineexams.gov.lk යන වෙබ් අඩවියට ප්‍රවේශ වී, ඒ සඳහා අයැදුම් කළ හැකි ය.

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් සංඛ්‍යාව, එක් ලක්ෂ 77 588 කි.

සිසුන් 456 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව ද, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 713

Leave A Reply

Your email address will not be published. Required fields are marked *