පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා
ශ්‍රීලංකන් ගුවන් සමාගමට කපිල චන්ද්‍රසේන මහතා මැදිහත්ව සිදුකළ එයාර්බස් ගනුදෙනුව පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මෙලෙස කැඳවා තිබෙනවා
අදාල ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේදී අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම අත්අඩංගුවට ගැනීම් හා ඇප නියමවීම් සිදු වූ අතර නාමල් රාජපක්ෂ නැවත අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ ඒ පිළිබඳව තව දුරටත් ප්‍රකාශ ලබා ගැනීමටයි