කටානේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

කටාන, කටියල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අද රාත්‍රී 7.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර තිබෙන අතර, ඔහු සතුව තිබූ ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමට යොදාගත් ගිනිඅවිය බලපත්‍ර සහිත ගිනිඅවියක් බවයි.

වෙඩි තැබූ ව්‍යාපාරිකයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වෙයි.

What's your reaction?

Related Posts

1 of 745

Leave A Reply

Your email address will not be published. Required fields are marked *