කටුනායක ගුවන් තොටුපළේදී රුපියල් ලක්ෂ ගණනක නීති විරෝධී දුම්වැටි සමඟ සැකකරුවෙකු දැලේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකය මගින් සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ජනවාරි 16 වනදා රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 12,000ක් (කාටූන් 60ක්) සහ විදේශීය බීඩි 23,800ක් (මිටි 119ක්) පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මතුගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,034

Leave A Reply

Your email address will not be published. Required fields are marked *