කටුනේරිය ප්‍රදේශයේ අද (ජනවාරි 22) ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 15කට වඩා වටිනා කෙන්දු කොළ තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමත් විය. මෙම වැටලීමේදී කිලෝග්‍රෑම් 2,150කට අධික කෙන්දු කොළ ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ප්‍රවාහනය සඳහා යොදාගත් ශීතකරණ ලොරි රථයක් සහ යතුරුපැදියක් ද වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කෙන්දු කොළ තොගය, වාහන සහ සැකකරු ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු වැළැක්වීමේ ඒකකය වෙත භාර දී තිබේ.


























