කථානායකවරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ට අපහාස කළ බවට සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්!

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු 5 වසරවත් සමත්ව නැතැයි පවසමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා කළ ප්‍රකාශය මගින් විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි ලෙස අපහාසයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අද දින සභාව අමතමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම ස්ථාවර නියෝග මගින් තහනම් කර ඇති බවයි. කථානායකවරයාගේ මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි පමුණුවන අතරම එය සමස්ත විපක්ෂයටම සිදු කළ නිග්‍රහයක් බවද ඔහු පෙන්වා දුන්නේය.​ආණ්ඩුව එක් පැත්තකින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනය පිළිබඳව මෙලෙස උපහාසයට ලක් කරන අතරම, අනෙක් පැත්තෙන් 6 වසර විෂය නිර්දේශයට අසභ්‍ය කරුණු ඇතුළත් කිරීමට උත්සාහ කරමින් සිටින බවටද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තර්ක කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය සුරැකීමට කථානායකවරයා බැඳී සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 977

Leave A Reply

Your email address will not be published. Required fields are marked *