කඹුරුපිටියේ ගුරුවරිය මරා ඇත්තේ මොට ආයුධයකින් පහරදීමෙන්…මව හා සහෝදරයා රිමාන්ඩ්…

මාතර කඹුරුපිටිය නගරයේ නිවසක් තුලදී පාසල් ගුරුවරියක ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට ඇගේ මව ද ඊයේ (01) කඹුරුපිටිය ආදපාන රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැක පිට අත්අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය පවසයි.

තම 34 වැනි උපන් දිනයදා එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව තිබූණේ සමාධි අයේෂා ගමගේ (34) නැමැති අවිවාහක ගුරුවරියකි.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාගේ නියෝගයකට අනුව ආහැයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද කඹුරුපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.සී.ප්‍රියනාත් මහතා මෙය මොට ආයුධයකින් පහරදීමෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා සිදුව ඇති මරණයක් බවට ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් අපරාධය සිදුවු දිනම සැක පිට අත්අඩංගුවට ගත් පාසල් ගුරුවරියගේ වැඩිමහල් සහෝදරයා හා ඉන් අනතුරුව සැක පිට අත්අඩංගුවට ගත් ඇගේ මව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.

දික්වැල්ල විජිත විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කල අදාල ගුරුවරිය ඊට අමතරව කඹුරුපිටිය නගර මධ්‍යයේ පිහිටි නිවසේ කොටසක ප්‍රින්ස් උසස් අධ්‍යාපන ආයතනය නමින් ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් තිබුණි.

වෙනත් ගුරුවරුන් සමග එහි ඉගැන්වීමට අමතරව අදාල ගුරුවරිය ඔන්ලයින් ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින දරු දැරියන් දහස් ගණනකට ඉගැන්වීම් සිදු කර මුදල් උපයා
තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

ඇයගේ නිවස සමග ඇති ගොඩනැගිල්ලේ කොටසක සිය වැඩිමහල් සහෝදරයා ද තේ කඩයක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

එම නිසා අවිවාහක අයියා නගෝ අතර දේපොල සම්බන්ධයෙන් ආරවුලක් පැවත ඇති බවද එය මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවට ද පොලීසිය සැක කරයි.

කෙසේ වෙතත් ඝාතනය සිදු කල ස්ථානය අසල තිබී තමා විසින් තම දියණිය ඝාතනය කල බවට මව විසින් ලියන ලද බවට හැගී යන ලිපියක් ද පොලීසිය සොයා ගෙන ඇත.

ඝාතනයට ලක්වු තරූණියගේ මව ද ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම හේතුවෙන් කඹුරුපිටිය ආදපාන රජයේ රෝහල වෙත ඇතුලත් කර තිබු අතර පසුව ඇය පොලිස් අත්අඩංගුවට පත් විය.

74 හැවිරිදි ඇයගේ තත්වය බරපතල නොවන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
.W

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *