කල්මුණේ වෛද්‍යවරුන් වර්ජනයක

සිසුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිරුක්කෝවිල් රෝහලට සහ කාර්ය මණ්ඩලයට පහරදීම පිළිබඳ විමර්ශන නිසි ලෙස සිදුනොවන බවට විරෝධය පළකරමින් අද කල්මුනෙයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අයත් සියලු රෝහල්වල වැඩවර්ජනයක් ක්‍රියාත්මක වේ.

පසුගියදා තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක මැරතන් තරඟයක් අතරතුරදී 17 හැවිරිදි ශිෂ්‍යයෙකු හදිසියේ මරණයට පත් වීමත් සමඟ යම් පිරිසක් නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති කරමින් රෝහලට පහර දී අලාභ හානි සිදුකර රෝහලේ වෛද්‍යවරුන්ට ද තර්ජනය කර තිබිණි.

මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් අද (26) පෙරවරු 8.00 සිට එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේවංශ මහතා සඳහන් කළේය.

මේ අතර හෙට (27) දිවයිනේ සියලු විකිරණ ප්‍රතිකාර සේවාවලින් ඉවත් වී සංකේත වැඩ වර්ජනයක් සිදුකිරීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ.

මේ හේතුව නිසා පිළිකා රෝගීන්ගේ සියලු විකිරණ ප්‍රතිකාර සේවාවන් අඩාල වීමක් සිදුවනු ඇති අතර මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල, බදුල්ල පළාත් මහ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල යන සියලු රෝහල්වල විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *