අන්තර්ජාලය ඔස්සේ එල්ලවන විවිධ තර්ජනයන් සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අද දෙරණ වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළකළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිවසේ සිටම ඊමේල් මාර්ගයෙන් එම පැමිණිල්ල සිදුකළ හැකි බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා,
“පරිගණක අපරාධමය වරදක් සිදුවුණ අවස්ථාවක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා නිවසේ සිටම. ඒකේ තියෙනවා ඊමේල් ලිපිනයක් [email protected] මේ ඊමේල් ලිපිනයට ලබාදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 109 දුරකථනය… ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ක්‍රියාත්මක වෙනවා පැය 24 පුරාම.”



























