කළුගඟේ ජල මට්ටම ඉහළට

ගත වූ පැය 24 තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කුඩා ගඟ ධ්‍රෝනියේ ඉහළ ප්‍රදේශයට පැවති වර්ෂාව නිසා කුකුළේ ගඟ ජලාශයෙන් තත්පරයට ඝන අඩි 150ක ජල ධාරිතාවයක් වාන් දමන බවයි
වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව් සකුරා දිල්තාරා (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව) පවසන්නේ.

මේ නිසා පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි පෙන්වා දෙන්නේ.

එමෙන්ම බුලත්සිංහල,පාලින්දනුවර සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවද අවධානයෙන් කටයුතු කළයුතු වනවා.

මේ අතර කුඩා ගඟ සහ මඟුර ගඟ පහත් ප්‍රදේශ හරහා ගමන්ගන්නා රථවාහන රියදුරන් ප්‍රවේශමෙන් ගමන් කළයුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *