ක්‍රිෂ් ගනුදෙනු නඩුව කල් යයි: නාමල් අධිකරණයට පැමිණෙයි

ඉන්දියානු ‘ක්‍රිෂ්’ සමාගමෙන් රග්බි ප්‍රවර්ධනය සඳහා ලැබුණු රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිත කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව, පෙබරවාරි 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළේය.​අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට විරෝධය පළ කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගත් තීරණයකට අනුව අද දිනයේ නීතිඥවරුන් අධිකරණ කටයුතුවලින් බැහැරව සිටීම හේතුවෙන් මෙම කල් තැබීම සිදු විය. කෙසේ වෙතත්, නඩුව කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඒ අනුව නඩුවේ මීළඟ විභාගය ලබන 19 වනදාට නියම විය.

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *