ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කෙරෙ

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියද (23 වැනිදා) අත්අඩංගුවට ගත් වෙඩික්කරු වන
31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ යන අය තවදුරටත්
දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කර බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද 28කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෙත අද 28 දැනුම් දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සිදු කළ ඉල්ලීමට අවසර ලැබුණු බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
එම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් දෙදෙනෙකු මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී ක්ලබ් වසන්ත ඝාතනය කළ ස්ථානයේ තිබූ උණ්ඩවලට සමාන KPI ලෙස සඳහන් කළ ජීව උණ්ඩ 12ක් ද මෙම සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති බව විමර්ශන අනාවරණය කර ඇත.

මෙම පිරිස සන්තකයේ තිබී ටී 56 ජීව උණ්ඩ 165ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 77ක්, විවිධ වර්ගයේ උණ්ඩ 17ක්, පොයින්ට් 38 වර්ගයේ උණ්ඩ 8ක්, බෝර 12 වර්ගයේ පතොරම් 4ක්, ටී – 56 වර්ගයේ ගිනි අවියක්, ෂොට්ගන් එකක්, පිස්තෝල මැගසින් 1ක්, 9MM පතොරම් ගැබ් එකක්, අත් විලංගු 1ක්, සයිනයිඩ් කරල් 2ක් හා ජංගම දුරකථන 03ක් ද සොයාගෙන ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *