ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජනතාව සම්බන්ධ කර ගනිමින් රටේ පරිවර්තනයක් සිදු කිරීම ආරම්භ කර තිබෙනවා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජනතාව සම්බන්ධ කරගනිමින් රටේ පරිවර්තනයක් සිදු කිරීම ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඊයේ(21) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.  ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

නීතියේ ආධිපත්‍ය රට තුළ නැවත ස්ථාපිත කිරීම ද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් සිදු කරන බව අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවාය.

 රටක පරිවර්තනයක් අවශ්‍ය වන විට ආණ්ඩුවකටවත් රජයේ නිලධාරීන්ටවත් තනිව කළ නොහැකියි. ඒ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා. ජනතාව තුළ ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති විය යුතුයි. අපේ ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක්. ඒ නිසා ජනතාව මේවාට අපි සම්බන්ධ කර ගන්නවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ මේ ක්‍රියාවලියට ජනතාව සහභාගී කර ගැනීම. ඒ සහභාගිත්ව වැඩසටහන තමයි ජනවාරි 01 වැනිදා සිට අපි ආරම්භ කළේ. ස්වේච්ඡාවෙන් ජනතාව මේ සඳහා සම්බන්ධ වුණා. ඒවා අගය කළ යුතුයි. මේ රටේ දානපතීන්, ව්‍යාපාරිකයන් තමන්ගේ සමාජය වෙනුවෙන් කැපවීමක් කරන්න කැමති නම් එය අගය කළ යුතුයි. එහෙම ව්‍යාපාරිකයන් තමයි අපට අවශ්‍ය. ඒක තමයි අපි කරන්න යන වෙනස. පෙර තිබූ දේශපාලන සංස්කෘතිය තුළ එවැනි ව්‍යාපාරිකයන්ට ඉඩක් තිබුණෙත් නැහැ. පෙර තිබූ ආණ්ඩුවලින් කළේ ව්‍යාපාරිකයන් තමන්ගේ පෞද්ගලික සාක්කුවලට යොමු කර ගැනීම. එවැනි පුද්ගලයන්ට මේ ක්ලීන් ශ්‍රී ලංකා තේරුම් ගන්න බැරි වීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ. 

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *