කැලිප්සෝ දුම්රිය නානුඔයටත්!

‘කැලිප්සෝ දුම්රිය’ නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙය මගීන්ගෙන් ලැබෙන ඉල්ලීම් හේතුවෙන් සිදු කෙරේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ, අප්‍රේල් 8 වැනිදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ලේ සිට නානුඔය දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.

මීට පෙර ‘කැලිප්සෝ දුම්රිය’ බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා දෛනිකව ධාවනය විය.

මෙම දුම්රිය දෙමෝදර ප්‍රදේශයේදී සහ ඇල්ල ආරුක්කු 9 පාළම මතදී මිනිත්තු 10 බැගින් නවත්වා, සංචාරකයන්ට අවට සුන්දරත්වය නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *