කුකුළු මස් මිල යළිත් ඉහළට

වෙළඳුන් විසින් උත්සව සමයේ කුකුළු මස් මිල අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. එමෙන්ම බිත්තර මිලද යළිත් වරක් වෙළඳපොලේ ඉහළ ගොස් ඇත්තේ එවන් පසුබිමකයි.

උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර ලාභදායී මිලකට ජනතාවට ලබාදෙන බවට රජය පොරොන්දු වූ නමුත් එවැනි තත්වයක් වෙළඳපොලේ දක්නට නොමැති බවටයි ජනතාව චෝදනා කළේ.

අද වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර කුකුළු මස් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 1,100 කටයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ ඉදිරි දිනවල ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල පහළ යනු ඇති බවයි.

එමෙන්ම බිත්තර මිලද අද වනවිට රුපියල් 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර වෙළඳපොලේ දේශීය බිත්තරයක් අලෙවි වූයේ රුපියල් 38 කටයි.

උත්සව සමයත් සමග යළිත් වරක් බිත්තර මිල ඉහළ ගොස් ඇති අතර, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මීට පෙර ප්‍රකාශ කළේ යළිත් වරක් බිත්තර මිල ඉහළ ගියහොත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *