කුලියාපිටිය තරුණයාගේ ඝාතනයේ සැකකරුවන් වූ සිඟිති සහ බිරිඳ රිමාන්ඩ්

කුලියාපිටිය, කබලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි සුසිත ජයවංශ නමැති තරුණයාගේ ඝාතනයට සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (08) පැවැත්වුණා.

එහිදී එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

මේ අතර, මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන සිඟිති නමැත්තා සහ ඔහුගේ බිරිඳ අද යළි කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

ඔහුගේ සහ ඔහුගේ බිරිදගේ ඇප අවලංගු කළ කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් සැකකරුවන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එමෙන්ම අදාළ තරුණයාගේ සිරුර හමු වූ පණිරෙන්ඩාව රක්ෂිතය වෙත සිඟිති නැමැත්තා රැගෙන යායුතු බව ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම සැකකරුවන් බන්ධනාගාර නිළධාරීන් ඉදිරියේ ප්‍රශ්න කිරීමටත් 06 වැනි සැකකරු බන්ධනාගාර නිලධාරීන් භාරයේ නම්කොට ඉල්ලා ඇති පොලිස් නිළධාරීන් කැටුව ගොස් ස්ථානීය පරීක්ෂාව සිදුකරන ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *