කෘත්‍රිම බුද්ධිය (AI) කොතරම් දියුණු වුවද, මිනිස් විඥානය තාක්ෂණයෙන් ආදේශ කළ නොහැකි බැවින් ආගම සැමදා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ගාල්ලේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, මෙම තාක්ෂණික දියුණුව හමුවේ ඇතැමුන් ආගම අනවශ්‍ය වනු ඇතැයි තර්ක කළද, තමා එම මතය බැහැර කරන බවයි. ලෝක බලවතුන් කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් අතිවිශාල ධනයක් ආයෝජනය කරමින් සිටින පසුබිමක, තමා මේ පිළිබඳව ‘ChatGPT’ පද්ධතියෙන් පවා විමසූ බවත්, එහිදී කෘත්‍රිම බුද්ධියට වඩා මිනිස් සිත උසස් බව එම පද්ධතියම පිළිගත් බවත් ඔහු සඳහන් කළේය. ‘මනෝපුබ්බංගමා ධම්මා’ යන ධම්මපද ගාථාව සිහිපත් කරමින් ඔහු අවධාරණය කළේ, අනාගත ලෝකය ජය ගැනීමට ධනයට වඩා දැනුම වැදගත් වන බැවින් බෞද්ධ දර්ශනය කෘත්‍රිම බුද්ධිය සමඟ සම්බන්ධ කර ඉදිරියට ගෙන යාමට බෞද්ධයන් ක්‍රියා කළ යුතු බවයි.


























