කෙහෙළියගේ ඇප ඉල්ලීම පිළිබඳ පෙත්සම සලකා බැලීම අද

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදුවුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතාගේ කරුණු ඉදිරිපත් කිරීම අද දින අවසන් කෙරුණා .

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *