කොල්ලුපිටියේ සංගීත ආයතනයකට ටී-56 ප්‍රහාරයක්

කොල්ලුපිටිය ආර්. ඒ. ද මෙල් මාවතේ පිහිටි සංගීත ආයතනයක් ඉලක්ක කරගනිමින් ඊයේ (ජනවාරි 25) අලුයම 2:35 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි. යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු ටී-56 ගිනිඅවියකින් එම ආයතනයේ ගොඩනැගිල්ලට සහ ප්‍රධාන ගේට්ටුවට වෙඩි ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි උණ්ඩ 15 ක් පමණ එම ස්ථානයට එල්ල කර ඇති බවයි. වාසනාවකට මෙන් මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා වී නොමැත.​අදාළ ආයතනය ඉදිරිපිට හිස් උණ්ඩ කොපු තිබෙන බවට දුරකථනයෙන් ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රදේශයේ සවිකර ඇති සීසීටීවී (CCTV) කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී, යතුරුපැදියේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා විසින් ගොඩනැගිල්ල දෙසට වෙඩි තබන ආකාරය පැහැදිලිව සටහන්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 986

Leave A Reply

Your email address will not be published. Required fields are marked *