​කොහුවල වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් තිදෙනෙකු STF දැලට!

2025 දෙසැම්බර් 30 වනදා රාත්‍රියේ කොහුවල, බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී 16 හැවිරිදි දැරියකට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් ජනවාරි 15 වනදා දෙමටගොඩ සහ වෙල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශවල සිදුකළ මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් කොහුවල පොලිසිය වෙත භාර දී තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27, 32 සහ 35 යන වයස්වල පසුවන කොළඹ 09 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ විමර්ශනවලට අනුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව නවයකි (09).

What's your reaction?

Related Posts

1 of 944

Leave A Reply

Your email address will not be published. Required fields are marked *