කොළඹ උප දුම්රිය ස්ථානවල සියලුම ස්ථානාධිපතිවරුන් සේවාවලින් ඉවත් වෙයි…

කොළඹ උප දුම්රිය ස්ථානවල සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට සේවාවලින් ඉවත්ව තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ උප දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පවතින පුරප්පාඩු පිරවීමට නවක බඳවා ගැනීම් කඩිනම් නොකිරීම සහ ස්ථානාධිපතිවරුන්ගේ ගැටළු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළ කරමින් එම තීරණය ගත් බවයි.

උප දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පුරප්පාඩු පවතින බවත් ඒ සඳහා කඩිනමින් විසි දෙදෙනෙකු බඳවා ගැනීමට පියවර ගනිමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී  දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික යසුන්දර මහතා සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *