කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීන ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ

කොළඹ කොටුව දුම්රිය ස්ථානය සියලු නවීන පහසුකම්වලින් සන්නද්ධ කිරීමේ මහා පරිමාණ නවීකරණ ව්‍යාපෘතිය අද (09) පෙරවරු 9.00 ට නිල වශයෙන් ආරම්භ විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය හා තාක්ෂණික දායකත්වය මත ක්‍රියාවට නැංවෙන මෙම වැඩපිළිවෙළ හරහා දිනපතා දුම්රියෙන් ගමන් ගන්නා දහස් සංඛ්‍යාත මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුවපහසු සේවාවක් සැපයීමට බලාපොරොත්තු වේ.​මෙම නවීකරණ කටයුතුවල ඇති විශේෂත්වය වන්නේ කොටුව දුම්රිය ස්ථානයේ පවතින ඓතිහාසික ගෘහ නිර්මාණ ලක්ෂණ එලෙසම ආරක්ෂා කර ගනිමින් නවීන තාක්ෂණික අංග සහ පහසුකම් එක් කිරීමයි. දුම්රිය ස්ථානය පුරා මගීන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, විවේකාගාර සහ තොරතුරු පද්ධති නවීකරණය කෙරෙන අතර, අනාගත අවශ්‍යතා සපුරාලිය හැකි ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස මෙය නිර්මාණය වනු ඇත. දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගත හැකි මට්ටමකට දුම්රිය ස්ථානයේ පරිසරය සැකසීම ද මෙම ව්‍යාපෘතියේ එක් ඉලක්කයකි.

What's your reaction?

Related Posts

1 of 1,087

Leave A Reply

Your email address will not be published. Required fields are marked *