කොළඹ කොටුව – මරදාන අතර සංඥා පද්ධතිය අක්‍රිය වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ පවතින වැසි සමග පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බවයි.
මේ, හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අක්‍රීය වී ඇති සංඥා පද්ධතිය කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.