කොළඹ ජාතික රෝහලේ හා දිවයිනේ විවිධ රෝහල් තුළ වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටිමින් රන් භාණ්ඩ වංචා කිරීම් රැසක් සිදු කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ හා දිවයිනේ විවිධ රෝහල් තුළ වෛද්‍යවරයෙකු ලෙස පෙනී
සිටිමින් රන් භාණ්ඩ වංචා කිරීම් රැසක් සිදු කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත  බන්දනාගාර ගත කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.
එහිදි ප්‍රධාන සැකකරු ලබන පෙබරවාරි මස 03 දක්වාද දෙවන සැකකරු හෙට දක්වාද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය  නියෝග කර තිබේ.
පසුගිය 26 වන දින කොළඹ ජාතික රෝහලේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පුද්ගලික
ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් රෝහල තුළට අනවසරයෙන් ඇතුළු වි ඇති පුද්ගලයෙකු අල්ලා
ගෙන ඇති බවට මරදාන පොලිසියට ලැබුණු දුරකතන පණිවුඩයක් අනුව ප්‍රධාන සැකකරු සහ සොරබඩු බැහැර කිරිමට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  අංක
3185/48, තුන්වෙනි පියවර, අනුරාධපුර ලිපිනයේ පදිංචි පුනම් ක්‍රිස්තෝම්බුගේ ශෂික මධුසංක සහ .වත් සැකකරුවෙක් මෙලෙස රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි.
 සැකකරුවන් සන්තකයේ තිබී  කුඩා රන් කැබලි 04 ක් ඇතුළු භාණ්ඩ අධිකරණ භාරයට පත් කර තිබේ.
පළමු සැකකරු විසින් රෝහල් ගණනාවකදී මෙවැනි සොරකම් 13ක්  සම්බ්නධයෙන් කරුණු වාර්තා වී ඇති අතර  කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ ඔහුට විරුද්ධව නඩුකරයක් පවතින
බවට ද, අනාවරණය කරගෙන ඇත.
AMIS දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරු
2021.10.17 වන දින අවිස්සාවේල්ල  2018,00.26 වන දින මාතර පොලිස් ස්ථාන මගින්ද  2017.02.12 වන දින මහනුවර 2018.07.18 වන දින කොල්ල කෑමක් සම්බන්ධයෙන් දඹුල්ල පොලිස් ස්ථානය මඟින් ද
2020.08.15 වන දින දින පිටිපන පොලිස් ස්ථානය මඟින් යම් වරදක් සඳහා ද අත් අඩංගුවට ගෙන
ඇති බවට අනාවරණය වී ඇති අතර මෙම සැකකරු අශේන් සිල්වා, ශෂික අශේන් ද සිල්වා යන
නම් වලින් ද පෙනී සිට ඇති අයෙකු බවට තොරතුරු විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය
කරගෙන ඇත.
ඒ අනුව පළමු සැකකරුට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 389, 402/403,396 වගන්තිය යටතේ ද,
දෙවන සැකකරුට විරුද්ධව දණ්ඩ නිති සංග්‍රහයේ 396 වන වගන්ති කරුණු වාර්තා කර ඇත

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *