කොළඹ මරීන් ඩ්‍රයිව් මාර්ගයේ අනතුරකින් පස් දෙනෙකු රෝහලේ

අද (06) අලුයම බම්බලපිටිය, මරීන් ඩ්‍රයිව් මාර්ගයේ සිදුවූ බරපතල රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. මෙම අනතුර සිදුව ඇත්තේ අලුයම 2.30ට පමණ වෙලාවලින් කොල්ලුපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක් මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටීමෙනි. බම්බලපිටිය පොලිසියට අනුව, අනතුරෙන් පසු ලොරිය අසල තිබූ දුම්රිය මාර්ගය වෙත ගමන් කර පීලි මත නතර වී ඇත. මූලික පරීක්ෂණවලින් පෙනී යන්නේ, ලොරි රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් වාහනය පාලනයෙන් තොරව ඉවතට ගොස් නවතා තිබූ මෝටර් රථ දෙකේ ගැටී ඇති බවයි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 891

Leave A Reply

Your email address will not be published. Required fields are marked *