කොළඹ වරාය නගරයට අලුත් ආලෝකයක්: ‘The Food Harbour’ විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Port City) අලුතින්ම ස්ථාපිත කරන ලද එළිමහන් ආහාර පාන සංකීර්ණය වන ‘The Food Harbour’ පසුගියදා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මට්ටමේ එළිමහන් භෝජන මධ්‍යස්ථානය ලෙස නිර්මාණය කර ඇති මෙහිදී, විවිධ රටවලට ආවේණික රසවත් ආහාර මෙන්ම දේශීය ආහාර වර්ග රැසක් ද එකම ස්ථානයකදී ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත. ඕනෑම අයෙකුට සහභාගී විය හැකි ඉතා සජීවී සහ ආකර්ෂණීය පරිසරයක පිහිටි මෙම නවමු අත්දැකීම, දෙස් විදෙස් සංචාරකයින්ගේ මෙන්ම දේශීය ජනතාවගේ ද විශේෂ අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 959

Leave A Reply

Your email address will not be published. Required fields are marked *