ශාසනයටත්,බෞද්ධ අධ්‍යාපනයටත් මහඟු මෙහෙවරක් ඉටු කළ අධ්‍යාපන විශාරද,කොළඹ සල්පිට කෝරළයේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ලබුතලේ සුදස්සන නාහිමියන්
වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාමයේ විහාරාධිපති ලෙස වැඩසිටි අතර උන්වහන්සේ මිය යන විට වයස අවුරුදු 75ක්..
පාසල් මෙන්ම ,දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කළ උන්වහන්සේ
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය,
සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලය,
මරදාන සංඝරාජ විද්‍යාලය
යන විදුහල්වල විදුහල්පති ධූරය දරා ඇත.
වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ දේහය තැන්පත් කර තිබූ අතර අද පස්වරුවේ විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදුකළා..
මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අති පූජනීය නියංගොඩ විජිත සිරි නාහිමිපාණන් වහන්සේ
ප්රමුඛ මහා සංඝරත්නය මෙහිදී ආගමික වතාවත් සිදුකළා..
අග්‍රාමාත්‍යවරියගේ ශෝක ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කලා…
විපක්ෂ නායකවරයාගේ සෝක ප්‍රකාශය ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී S.M මරික්කාර් මහතා..
විහාරස්ථානයේ සිට අද පස්වරුවේ දේහය පෙරහැරින් පොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය වෙත වැඩම කළා..
දේහය පිළිබඳව ආදාහන කටයුතු කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ සිදු කළා..
ප්‍රදේශයේ දේශපාලඥයින්,
විහාරස්ථ දායක සභාවේ සහ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා..