කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්ගෙන් wizdom අධ්‍යාපන ප්‍රදර්ශනයක්..

වසර 133 කට වැඩි කාලයක් සහිරා විද්‍යාලය විසින් දරුවන්ගේ මනස සහ අනාගතය හැඩ ගස්වමින් අධ්‍යාපනයේ විශිෂ්ටත්වයක් පෙන්නුම් කරමින් සිටියි..

සහිරා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් ඉගෙනීම් දිරිගැන්වීම සඳහා විශිෂ්ටත්වය පෝෂණය කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා..

මෙම අධ්‍යාපන ප්‍රදර්ශනය පෙබරවාරි හත සහ අට යන දිනවල කොළඹ සහිරා විද්‍යාලයේ පැවැත්වීමට නියමිතයි..

මෙම wizdom අධ්‍යාපන ප්‍රදර්ශනයේ දෙමව්පියන්ගේ සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙහිදී සිසුන් පන්සියයක් වෙනුවෙන් අධ්‍යාපන ප්‍රවීණයන් විසින් උසස් පෙළ සම්මන්ත්‍රණයක්ද,වයස් කාණ්ඩ හතරක් යටතේ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීමට නියමිතයි..

අවට පාසල් දරුවන්ටද මෙයට ආරාධනා කරනවා..

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය රජයේ උසස් අධ්‍යාපන ආයතන වලටත් ආරාධනා කර තිබෙනවා..
ඔවුන්ගේ ප්‍රදර්ශන කුටි පවත්වාගෙන යෑමට..

පන්ති කාමරයට සීමා වූ අධ්‍යාපන පහසුකම් වලින් ඔබ්බට මේක යනවා..

අනුග්‍රහකයින්ගේ අනුග්‍රහක දායකත්වය පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා…

ප්‍රදර්ශන කුටි 25ක් මේ සඳහා පැවැත්වෙනවා..

පෙබරවාරි හත්වැනිදා පෙරවරු නමයට සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතයි.

කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති රිස්වී මරික්කාර් මහතා ,ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති මොහොමඩ් කාසිං යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට එක්වුණා…

What's your reaction?

Related Posts

1 of 573

Leave A Reply

Your email address will not be published. Required fields are marked *