ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) දත්තවලට අනුව, ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බව වාර්තා වේ. විශේෂයෙන් වායුගෝලයේ පවතින PM2.5 අංශු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් කෝට්ටේ, ගාල්ල කොටුව සහ ගාල්ල යන ප්‍රදේශවල වායුගුණ දර්ශකය (SL AQI) 77 සහ 119 අතර අගයක් ගෙන ඇත. අද උදෑසන වන විට මෙරට වැඩිම වායු දූෂණ මට්ටමක් වාර්තා වී ඇත්තේ කෝට්ටේ ප්‍රදේශයෙන් වන අතර එය 119ක් ලෙස සටහන් විය. මීට අමතරව කොලොන්නාව, දඹුල්ල, කෑගල්ල, අනුරාධපුරය සහ පොලොන්නරුව යන ප්‍රදේශවල ද වායුගෝලය මඳක් අහිතකර තත්ත්වයක පවතින බව සඳහන් වේ. මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට (ශ්වසන ගැටලු ඇති අය, කුඩා දරුවන් සහ වැඩිහිටියන්) මේ පිළිබඳව අවධානය යොමු කරමින් සුදුසු ආරක්ෂිත පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇත.

























