නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 283,300,000ක (කෝටි 28කට අධික) මුදලක් සහ වාහන දෙකක් ද සමඟින් පුද්ගලයෙකු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (ජනවාරි 19) සිදු කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු විදේශගතව සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ දුරකථන මාර්ගයෙන් සම්බන්ධතා පවත්වමින්, ඔහුගේ උපදෙස් මත මෙරට තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කර ඇති බවයි. අත්අඩංගුවට ගත් වාහන දෙක ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් ඒවා බවට හෙළි වී තිබේ. සැකකරු අද (20) දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


























