​ගංවතුරෙන් මෙරට කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම්: ගොවි ජනතාව දැඩි අර්බුදයක!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) එක්ව සකස් කරන ලද නවතම දත්ත වාර්තා මගින් ශ්‍රී ලංකාව පුරා කෘෂිකර්මාන්තයට ගංවතුරෙන් එල්ල වී ඇති දැඩි බලපෑම අනාවරණය කර ඇත. මෙම දත්ත ඇසුරින් සකස් කළ සිතියම් මගින් ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්ක කිහිපයක වී, එළවළු සහ අනෙකුත් අතිරේක භෝග වගාවන්ට සිදුව ඇති අතිමහත් හානිය මැනවින් පෙන්නුම් කරයි.​මෙම තත්ත්වය හේතුවෙන් ගොවි ජනතාවගේ ජීවනෝපාය, දේශීය ආහාර නිෂ්පාදනය සහ ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, විශේෂයෙන්ම සුළු පරිමාණ ගොවීන් අතර දැඩි තර්ජනයකට ලක්ව ඇති බව පෙනී යයි. නිවේදනයක් නිකුත් කරමින් ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කළේ, සිදුව ඇති හානිය තක්සේරු කිරීමටත්, හදිසි අවශ්‍යතා හඳුනාගෙන ගොවි ජනතාව නගා සිටුවීමේ සහ පුනරුත්ථාපන කටයුතු කඩිනමින් සිදු කිරීමටත් රජයේ බලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි.

What's your reaction?

Related Posts

1 of 1,024

Leave A Reply

Your email address will not be published. Required fields are marked *