ගණේමුල්ල සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත්

කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්ක කර ඊයේ (26) මිනුවන්ගොඩදී සිදුවූ වෙඩිතැබීම ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් බවට පොලිසිය සැක පළකරයි.

ඒ අනුව පොලිසිය අනුමාන කරන්නේ කරන්දෙණිය සුද්දා සහ හීනටියන මහේෂ් නම් අපරාධකරුවන් විසින් එය මෙහෙයවා ඇති බවට ය.

පාතාල නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබාඝාතනය කළේ පසුගිය 19 වැනිදා ය. ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූවද ගිනිඅවිය රැගෙන ආ ප්‍රධාන සැකකාරිය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.

මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්කර මිනුවන්ගොඩදී ඊයේ උදෑසන වෙඩි ප්‍රහරයක් එල්ල වුණේ මෙවන් පසුබිමක වන අතර එහිදී වෙඩිවැදී රෝහල්ගත කළ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පැවසුවේය.

පොලිසිය පවසන්නේ ඔහුද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙකු බවය.

ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස ඔහුගේ සමීපතමයන් වන හීනටියන මහේෂ් සහ කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුවන් විසින් වෙඩිතැබීම මෙහෙයවා ඇති බවට පොලිසිය සැක කරයි.  

What's your reaction?

Related Posts

1 of 577

Leave A Reply

Your email address will not be published. Required fields are marked *