ගතවූ පැය විසිහතර තුළ පොලිසියෙන් 23 දෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 04ක් සහ තවත් සැකකරුවන් 19දෙනෙකු ඊයේ (17) දින සිදුකළ වැටලීම් අතරතුරදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

ඒ අනුව, ඊයේ දින බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් මිරිහාන ප්‍රදේශයේ වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

එමෙන්ම, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වත්තල ප්‍රදේශයේදී වයස අවුරුදු 41ක් වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු මෙන්ම, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1760ක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට අමතරව, මාතර අපරාධ කොට්ඨාසය විසින් කොටවිල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර වයස අවුරුදු 36ක් වන මිරිස්ස ප්‍රදේශයේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් සහ ඔවුන් සමග විවිධ සමබන්ධතා පවත්වමින් අපරාධවලට සහාය දැක්වූ බවට සැකකෙරෙන තවත් සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම මෙහෙයුම් ආරම්භ කළ මාර්තු 19වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් හා සැකකාරියන් 1061ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *