ගනේමුල්ල සංජීව ඝාතනය ගැන අධිකරණයේ සිටි 40 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් 20 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 8 කි.

පසුගිය19 වැනි දා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ දී ගනේමුල්ලේ සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නමැත්තා  වෙඩිතබා ඝාතනය කෙරුණි.

කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ, වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අධිකරණ ශාලාවේ රැඳී සිටි සැකකරුවන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි.

එම අවස්ථාවේ අධිකරණයේ රැඳී සිටි මහේස්ත්‍රාත්වරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

පොලිස් විශේෂකාර්ය බලකාය, ගේට්ටු මුරකරුවන්,පොලිස් නිලධාරින්, වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අධිකරණයේ සිටි පුද්ගලයින් 40 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරුණි.

මේ අතර ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු මාර්තු 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ නියෝග කළා ය.

What's your reaction?

Related Posts

1 of 570

Leave A Reply

Your email address will not be published. Required fields are marked *