ගමන් කළ යතුරු පැදියක් මතට ගසක් කඩාගෙන වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට

පුත්තලම කොළඹ මාර්ගයේ බත්තුලුඔය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක් මතට ගසක් කඩාගෙන වැටීම හේතුවෙන් එහි ගමන් කල තරුණියක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තරුණියක් තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව විල්පොත පදිංචිව සිටි ඩබ්ලිව් දුලාන්ගි (22 ) නමැති තරුණියක්.

මේ තරුණිය තවත් තරුණියක් සමග හලාවත දෙසට ගමන් කිරීමේදී මේ අනතුරට මුහුණ දී තිබෙනවා.

දින දෙකක් තුළ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවැනි අනතුරු තුනක් වාර්තා වූ අතර ඉන් කාන්තාවන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *